වසර 800 ක් පැරණි දුරකථනයක් - පිටසක්වල ජීවීන්ගේදැයි සැකයක්

Saturday, 02 January 2016 - 11:37

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+800+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 800 කට වඩා පැරණි ජංගම දුරකථනයක් ඔස්ටි‍්‍රයාවෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පවසනවා.

මැටි වැනි ද‍්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති උල් හැඩයකින් යුත් මෙම ජංගම දුරකථනයේ මතුපිට අංක සටහන්වන ආකාරයෙන් අක්ෂර සටහන් කර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම උපකරණය හමුවු ආකාරය හෝ ඒ වෙනුවෙන් සිදුකෙරුනු කැණීම් පිළිබඳ පුරාවිද්‍යාඥයන් වැඩිදුරටත් තොරතුරු ලබාදී නැහැ.

ජංගම දුරකථනයක් වැනි මෙම උපකරණය සුප්‍රසිද්ධ දුරකථන සමාගමක් විසින් මුල් කාලයේ හඳුන්වාදුන් දුරකථනයකට ද බොහෝ සෙයින් සමානකමක් දක්වනවා.

එමෙන්ම ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ පිටසක්වල ජීවීන් ප්‍රථිවියට පැමිණි බවට මෙමගින් තහවුරු වන බවයි.

එසේ නොවන්නේ නම් ඔවුන් සහ ප්‍රථිවි ජීවීන් අතර මනා සබඳතාවක් පැවති බවට මෙම දුරකථනය හමුවීමත් සමග තහවුරු වන බවයි ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වන්නේ.

කෙසේවෙතත් මෙම දුරකථනයේ මතුපිට සටහන් කර ඇති අක්ෂර ඔස්ටි‍්‍රයා විද්‍යාඥයන් කිසිවකුටත් අනාවරණ කර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.