අවමගුල්දා තවත් අවමගුලක්

Saturday, 02 January 2016 - 12:26

%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A

ගාල්ල කොළඹ මාර්ගයේ මොරටුව ශ්‍රමදාන මාවත ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 11 යි 30 ට පමණයි අනතුර සිදුව ඇත්තේ.

රියදුරුට නින්දයාම හේතුවෙන් කොළඹ සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

එම අවස්ථාවෙිදී අවමංගල්‍ය උත්සවයකට එක්ව සිටි තරුණයන් දෙදෙනාද අදාළ රථයට යටවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා පානදුර රෝහළට ඇතුලත් කිරිමේදී මිය ගොස් තිබෙනවා.  

අනතුරින් මිය ගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 20 ක  සහ 17 ක  තරුණයන් දෙදෙනෙක්

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි. සැකකාර වෑන් රථ රියදුරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

අනතුර සම්බන්ධයෙන් මොරටුව පොලිසියයි විමර්ෂණ මෙහෙයවන්නේ.