දියණිය දුෂණයට අනුබල දුන් මවක්

Saturday, 02 January 2016 - 13:43

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තම 12 හැවිරිදි දියණිය දුෂණය කිරීමට අනුබල දීමේ චෝදනා එල්ලවු කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියමකර තිබෙනවා.

අමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ අධිකරණයක් විසිනුයි නියෝගය ලබාදී ඇත්තේ.

37 හැවිරිදි සැකකාරිය සිය අනියම් සැමියාට දියණිය දුෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එම පුද්ගලයා දුෂණ චෝදනා රැසකට වරදකරු වී ඇති පුද්ගලයකු බවට ද හෙළිවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

එමෙන්ම සැකකරු අවස්ථා රැසකදී අදාළ දැරිය අපයෝජනයට ලක්කර ඇතැයි ද අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් ගතවු සති දෙක ඇතුලත ඇය දුෂණයට ලක්ව ඇති අතර ඇය අපයෝජනය කරනු ලැබු අවස්ථා සංඛ්‍යාව හෝ ඇය දුෂණයට ලක්වු නිශ්චිත දිනයක් හෙළිවී නැහැ.

කුඩා දැරියක් අපයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම / ඇයගේ ජීවිතය අවධානමට ලක් කිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යටතේයි දුෂණයට ලක්වු දැරියගේ මවට චෝදනා එල්ලවී ඇත්තේ.

කෙසේවෙතත් දැරිය දුෂණය කල සැකකරුට එරෙහිව ලබාදුන් දඩුවමක් මෙතෙක් අනාවරණ වී නැහැ.