උසස් පෙළ සිසුවකු නිවසේ තුන්වන මහලින් පැන සියදිවි නසා ගනී

Saturday, 02 January 2016 - 15:41

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බීමතින් පැමිණීම නිසා දෙමාපියන් අවවාද කිරීම පිළිබඳ උරණ වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු තම නිවසේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

මොණරාගල නගරාසන්නයේ පදිංචි මෙම පාසල් සිසුවා බුත්තල දුටුගැමුණු විද්‍යාලයේ උසස් පෙළ හදාරණ අයෙක්.

ඔහු ලබන වසරේ තොරතුරු තාක්ෂණ විෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර පැමිණි මෙම සිසුවාට දෙමව්පියන් දැඩිව අවවාද කර ඇති අතර, පසුව අද අලූයම තම නිවසේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා.

පසුව මොණරාගල - සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති  බවයි පොලීසිය ප්‍රකාශ කළේ.