රාජ්‍ය වෙනස් වී නැතැයි රාජිත කියයි

Saturday, 02 January 2016 - 18:48

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව වෙනස් වුවද රාජ්‍ය වෙනස් වී නැතැයි සෞඛ්‍ය හා  දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ගාල්ල - කරාපිටිය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

නීතිපති දෙපාර්තමේන්තුවටද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේ ගිනි අවි 3000 ක් ගැන පරීක්ෂණ නොකර ගල්කටස් ගිනි අවියක් ගැන පරීක්ෂණ සිදුකරන මට්ටමට පත්ව ඇති බව පවසමින්.

මේ අතර ජාතික ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස නුදුරේදීම තවදුරටත් වැඩිවනු ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.