දෙමළ ජනතා සභාවේ කමිටුව යාපනය පුස්තකාලයට

Saturday, 02 January 2016 - 19:05

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් දෙමළ ජනතා සභාව පත් කරගත් විශේෂ කමිටුව මේ වනවිට යාපනය පුස්තකාලයේදී රැස්වී සිටිනවා.

ඒ, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුලූ එහි සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට දෙමළ ජනතා සභාව පත් කරගැනීමට මුල්වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පැමිණ නැහැ.

දෙමළ ජනතා සභාවේ සියලූ පක්ෂ නියෝජනය වන පරිදි 15 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පසුගියදා පිහිටුවා ගත්තේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ අරමුණින්.

එම කමිටුවේ සාමාජිකයන් ප්‍රථම වරට රැස්වන්නේ අදයි. කෙසේ නමුත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර පවතින මතගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සභාව බිහිවූ බවටයි ඇතැම් වාර්තාවල දැක්වුණේ.