නිවුන් දරු උපතක් අවුරුදු දෙකකට බෙදෙයි

Sunday, 03 January 2016 - 18:48

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එකම මවකට අවුරුදු දෙකකදී නිවුන් දරුවන් දෙදෙනෙකු උපත ලැබීමේ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා. ඇමෙරිකාවේ - කැලිෆෝනියා නුවර රෝහලකදී මෙම දරුවන් දෙදෙනාගෙන් ජෙලින් නමැති පළමු දැරිය ඉපදී ඇත්තේ 2015 දෙසැම්බර්  31 වනදින මධ්‍යම රාත්‍රී 11 යි 59ට යි.

එමෙන්ම, ලූයිස් නමැති අනෙක් පිරිමි දරුවා ඉපදී ඇත්තේ 2016 ජනවාරි පළමුවනදා අලූයම 12යි 02ටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙමව්පියන්ගේ ඉල්ලීම මත රෝහල් වෛද්‍යවරුන් දරුවන් දෙදෙනාගේ උපත් මේ ආකාරයෙන් සැලසුම් කර තිබූ බවයි.

දරුවන් දෙදෙනා සහ මව නිරෝගී තත්ත්වයෙන් පසුවන බව ද සදහන්.