ඝාතනයක් සඳහා පැමිණි දෙදෙනෙකු ඔවුන්ගේම ගිනි අවියෙන් ඝාතනයට

Monday, 04 January 2016 - 0:03

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පුද්ගල ඝාතනයක් සඳහා පැමිණි දෙදෙනෙකු ඔවුන්ගේම ගිනි අවියෙන් ඝාතනයට ලක්වීමේ සිද්ධියක් අඟුණුකොළපැලැස්ස - උස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25 ත් 35 ත් වන පුද්ගලයින් දෙදෙනෙක්.

මේ පුද්ගලයින් දෙදෙනා අගුනකොලපැලැස්ස - උස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අරමුණින් එහි ගොස් තිබුණේ යතුරුපැදියකින්.
කෙසේ වෙතත්, පොලීසිය පවසන්නේ අදාළ පුද්ගලයා නිවසේ නොසිටි හෙයින් නිවසට වෙඩි තබා පලායන අවස්ථාවේදී ඒ අසල සැඟව සිටි නිවැසියා විසින් ඝාතනය සදහා පැමිණි දෙදෙනාට උදැල්ලකින් පහරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ රාත්‍රියේදී අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් වසන්ත සමරතුංග මහතා සිදුකරනු ලැබුවා. මේ අතර, මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ බරවකුඹුක ප්‍රදේශයේදීයි.