Update: නිවසට සරිලන ආර්ථිකයක්

Monday, 04 January 2016 - 9:20

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිවසට සරිලන ආර්ථිකයක් ගොඩනැගීම නව වසරේ රජයේ අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අරලියගහ මන්දිරයේදී නව වසරේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ රජයට විවේචන එල්ල කරන සියලූදෙනාට රට සංවර්ධනය කිරීම සඳහා එක්වන ලෙසයි.



Update: Monday, January 4, 2016: 11.49
------------------------------------------------

අගමැතිගෙන්  විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ නව වර්ෂය තුළ රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කරනු ඇති බවයි.

පෞද්ගලික සංචාරයක් සදහා එක්සත් රාජධානියට  ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (03) දිනයේ දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් රාජධානියට පිටත්ව ගියේ පසුගිය දෙසැම්බර් 23 වනදායි.