තරුණයෙකු පැහැර ගැනීම: හිරුණිකාගේ ගෝලයෝ අද පෙරට්ටුවට

Monday, 04 January 2016 - 9:33

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%9D+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. ඒ, හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහායි. පළමුව සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර, පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු  කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරවීමෙන් පසුව අද දිින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි. සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අවස්ථා දෙකකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තා. කෙසේ වෙතත්, මෙම සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



මේ අතර, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් පිරිසක් විසින් දෙමටගොඩදී පැහැර ගත් පුද්ගලයාට නීතියේ සාධාරණත්වය ඉෂ්ඨ වීමට නම් පොලිසිය සහ නීතිපතිවරයා නිවැරදිව කටයුතු කළ යුතු බව සිවිල් සංවිධාන දිගින් දිගටම ප්‍රකාශ කරනවා.



දෙමටගොඩ දී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැටළුසහගත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ද ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොට්ටාවේ පැවැති ජන හමුවකට එක්වෙමින්.