හිරුණිකාගේ ආධාරකරුවන් 6 දක්වා රිමාන්ඩ්

Monday, 04 January 2016 - 11:56

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවන් අද (04) ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කළේ එදිනට මොවුන් අනිවාර්යයෙන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි.

කොළඹ අපරාධ කොට්ඨාශය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ දෙමටගොඩදී තරුණයෙකු  පැහැරගෙන යනු ලැබූ අංක 62 - 1859 දරණ ඩිෆෙන්ඩර් රථය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමට ලියාපදිංචි වී ඇති බැවින් මතුවූ තත්ත්වය මත ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බවයි.

ඒ අනුව අදාළ කටයුතු සිදුකරමින් යන බවද අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා. දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.

පැහැර ගැනීම සිදුවී මේ වන විට දින 15ක් ගත වී ඇතත්, මෙම සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන නැහැ.

ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමු වලදීත් අදහස් පළ වුණා.