රිය අනතුරකින් ගවයින් 5ක් මරුට

Monday, 04 January 2016 - 13:23

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පානදුර - හොරණ මාර්ගයේ හොරණ ශ්‍රී ලංගම ඩිපෝව අසලදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක ගැටී සිදුවූ අනතුරකින් බලපත්‍ර නොමැතිව එම රථයෙන් රැගෙන යමින්  සිටි ගවයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම හතරයි තිහට පමණ මෙම අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයෙන් ගවයින් 18 දෙනෙකු අනවසරයෙන් රැගෙන යමින් සිටි බවයි.

මෙම අනතුරෙන් ලොරි රථයේ සිටි රිය සහයකයන් දෙදෙනෙකුද හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.