මළ සිරුරත් දුෂණය කරලා

Tuesday, 05 January 2016 - 11:37

%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා දිස්ත්‍රික්කයේ වළ දමා තිබු කාන්තා මළ සිරුරක් දුෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

45 හැවිරිදි කාන්තාවගේ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් පිටතට ගත් කිසියම් පුද්ගලයකු එය සමග ලිංගිකව හැසිරී ඇතැයි සඳහන්.

දීර්ඝ කාලයක් රෝගයකින් පීඩා විඳි මෙම කාන්තාව මරණයට පත්වී ඇත්තේ පසුගිය සිකුරාදායි.

ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු සෙනසුරාදා රාත්‍රී මෙම අපරාධය සිදුව ඇතැයි හෙළිවී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් අග්‍රා සිට ජායිපුර් දක්වා දිවෙන අධිවේගී මාර්ගය අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක ද නිරතවී තිබෙනවා.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතුවලින් පසු දින ඇයට ගෞරව දැක්වීමට පවුලේ සාමාජිකයන් පැමිණි අවස්ථාවේදීයි සිද්ධිය පිළිබඳ හෙළිවී ඇත්තේ.

ඇයගේ සොහොනේ තිබු සොහොන් කොත ද අතුරුදන්ව තිබෙනවා.

එම ස්ථානයේ තිබු සැක කටයුතු ස්වභාවය හේතුවෙන් කාන්තාවගේ මිනී පෙට්ටිය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී සිරුර විකෘතිකර තිබු ආකාරයක් දක්නට ලැබි ඇතැයි සඳහන්.

එමෙන්ම එම ස්ථානයේ තිබී මත්පැන් බෝතලයක් ද හමුවී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ප්‍රාදේශීය පුජකවරුන්ගේ මැදිහත් වීමෙන් අදාළ කාන්තාවගේ මළ සිරුර යළිත් වළදමා ඇති බවයි ඉන්දීය පුවත් සේවා ප්‍රකාශ කලේ.