දුරකථනයක් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Monday, 04 January 2016 - 17:28

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ මුම්බායි නුවර සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් ආරම්භ කල ගුවන්යානයක් හදිසියේ යළි ගොඩබස්වා තිබෙනවා.

ඒ යානය පිටත්වීම ආරම්භ කිරීමත් සමගයි. යානයේ තිබු අයිතිකරුවකු නොමැති දුරකථනයක් හේතුවෙන් මගීන් අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් යානයේ ගමන නතර කිරීමටයි නියමුවන් පියවර ගෙන ඇත්තේ.

බෝයිං 777 වර්ගයට අයත් මෙම යානයේ ආසනයක් මත අයිතිකරුවකු නොමැති ජංගම දුරකථනයක් ඇති බවට මගියකු විසින් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

අනතුරුවයි ඒ සම්බන්ධයෙන් මගීන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත්තේ.

එම දුරකථනයේ අයිතිකරුවා අනාවරණ වී නොමැති අතර යානය අභ්‍යන්තරයේ විශේෂ පරීක්ෂාවකින් පසු එය යළි තුර්කිය බලා පිටත්වගොස් තිබෙනවා.