කොළඹ නගරයේ වාහන නවතා තැබීමේදී ගාස්තු අයකිරීමට මීටර් ක්‍රමයක්

Monday, 04 January 2016 - 17:30

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ නගරයේ වාහන නවතා තැබීමේදී ගාස්තු අය කිරීමට මීටර් ක්‍රමයක් හදුන්වා දී ඇති බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් පවසනවා.

කොළඹ නගරයේ නවතා තැබෙන වාහන සදහා නැවතුම් ගාස්තු අය කිරීම අද සිට නීත්‍යානුකූලව සිදුකරනු ලබනවා.

එහි ආරම්භක පියවරක් ලෙස ගාලූපාර සහ ඩුප්ලිකේෂන් මාර්ගයේ වාහන නැවතුම් ස්ථාන 1600 ක් සදහා නැවතුම් ගාස්තු අය කෙරෙන බවයි කොළඹ මහනගර සභාව සදහන් කළේ.

නගරයේ වාහන තදබදය අවම කිරීම සහ කොළඹ නගරයට පැමිණෙනන් හට අපහසුතාවයකින් තොරව වාහන නවතා තැබීමට ඉඩ සැලැස්වීම මෙම නව ක්‍රමයේ අරමුණයි.

මෙහිදී පැයක කාලසීමාවක් සදහා යතුරුපැදියකට රුපියල් 10 ක් ද, ත්‍රිරෝද රථයකට රුපියල් 20 ක් ද, මෝටර් රථ සහ වෑන් රථයකට රුපියල් 30 ක් ද අය කරනු ඇති.

එමෙන්ම බස් සහ ලොරි රථ සදහා රුපියල් 50 ක මුදලක් අය කරන බවයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් සඳහන් කළේ.