සෞදි - ඉරාන අර්බුදය උග්‍ර අතට

Tuesday, 05 January 2016 - 8:47

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
ෂියා මුස්ලිම් ආගමික නායකයෙකු වූ නිමර් අල් නිමර්ට සෞදි රජය විසින් මරණ දඬුවම පැනවීමෙන් පසු සෞදි අරාබිය සහ ඉරානය අතර මතභේද උත්සන්න වී තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ඉරානය තුළ දැඩි විරෝධතා රැල්ලක් පැන නැගුණු අතර ටෙහෙරාන් නුවර සෞදි තානාපති කාර්යාලය ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් සෞදි රජය දැක්වූයේ දැඩි ප්‍රතිචාරයක්.

ඒ අනුව පැය 48ක් ඇතුළත රටින් නික්මෙන ලෙස සෞදි අරාබිය ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට නියෝග කළා.

ටෙහෙරානයේ සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද කැදවූ සෞදි අරාබිය, ඉරානය සමඟ ගුවන් සබඳතා ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර, සෞදි අරාබියේ හිතවත් රාජ්‍යයන් වන බහරේනය සහ සුඩානය ද ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කරනු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබදතා පහළ මට්ටමකට පත් කර ඇති නමුදු වෙළඳ සබදතා තවදුරටත් ක්‍රියාත්මකයි.