ඇඹිලිපිටියේ සාදයකදී ගැටුමකින් 7ක් රෝහලේ - පොලීසියේ 4කුත් ඒ අතර

Tuesday, 05 January 2016 - 13:34

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A++-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+4%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
ඇඹිලිපිටිය නගරයේ මහඇල අසළ නිවසක පැවති උත්සවයක් අතරතුර පොලීසිය හා පිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඒ අතර ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් පොලිස් නිළධාරීන් 4 දෙනෙකු සිටන බවයි ඇඹිලිපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක දෙවන මහලේ ඊයේ රාත්‍රියේ තිබූ උත්සවයකදී පොලීසිය හා එම උත්සවයට සහභාගි වූ පිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

 මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු දෙවන මහලේ සිට බිමට ඇද වැටී ඇති අතර, ඔහු මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.