UPDATE: තාජූඩීන්ගේ අපරාධකරුවන් CCTVයෙන් ගැලවේ

Tuesday, 05 January 2016 - 17:20

UPDATE%3A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%96%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+CCTV%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%9A
CCTV  දර්ශන අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ වාහනයේ සහ පසුපසින් පැමිණි වාහනයේ අංකය හෝ ඒවායේ සිටින පුද්ගලයින් හඳුනාගත නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය අද (05) අධිකරණයට දැනුම්දුන්නා. ඒ, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශන පිළිබඳව සිය වාර්තාව ඉදිරිපත් කරමින්. එම නිසා අදාළ පරීක්ෂණ සඳහා විදේශීය විශේෂඥවරුන්ගේ සහය ලබාගන්නා ලෙසයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ.

 2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගොස් සිටි වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණා.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මඩුල්ලක් පසුව කළ විමර්ශනයකදී අනාවරණය වුණේ මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බවටයි.

පසුව ඊට අදාළව එම CCTV  දර්ශන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories