රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඉලක්ක කරගනිමින් අද (05) දහවල් මීටියාගොඩ - වේරගොඩ ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා. වේරංග ලක්ෂාන් නැමති අදාළ පුද්ගලයාට එහිදී හානි සිදුවී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ ඔහුගේ නිවස අසල ගස් කිහිපයකටයි.
එම ස්ථානයේ තිබී පතොරම් කොපු 3 ක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
හික්කඩුව - වෑවල ප්‍රදේශයේදී පසුගිය වසරේ මාර්තු 23 වනදා රාත්‍රියේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. එම සිද්ධියේ සැකකරුවෙකු වන වේරංග ලක්ෂාන් මේ වනවිට ඇප මත නිදහස්ව සිටිනවා.

(ඡායාරූප - දීපාල් සිල්වා)