කුවේටයද ඉරානයේ සිටින තම තානාපතිවරයා යළි සිය රට කැඳවා තිබෙනවා. ටෙහෙරානයේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ගිනි තබා විනාශ කිරීමට ප්රතිචාර ලෙසයි කුවේටය මෙම පියවර ගෙන ඇත්තේ.
ෂියා ආගමික නායක නිමර් අල් නිමර්ට සෞදි අරාබිය මරණ දණ්ඩනය නියම කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවක් වර්ධනය වුණා.
ඉරානය මීට විරෝධය පළ කිරීමත් සමඟ සෞදි අරාබිය එරට සමඟ පැවති රාජතාන්ත්රික සබඳතා අත්හිටවනු ලැබුවා.
මීට අමතරව බහරේනය සහ සුඩානයද ඉරානය සමඟ රාජතාන්ත්රික සබඳතා අත්හැරීමටයි පියවර ගනු ලැබුවේ. පවතින තත්ත්වය සාමකාමීව විසඳාගන්නා ලෙස ජගත් සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදයද මැදපෙරදිග කලාපීය රටවලින් ඉල්ලීමක් කරනු ලැබුවේ මේ අතරතුරයි.