ඔබාමා කඳුළු සලයි

Wednesday, 06 January 2016 - 7:53

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගිනි අවි භාවිතයෙන් ඇමරිකාවේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීමේ අරමුණින් ගිනි අවි මිලදී ගැනීමේදී දැඩි නීති ක්‍රි‍්‍රයාත්මක කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තීරණය කර තිබෙනවා. ඔහු ඊයේ (05) මාධ්‍ය වෙත කඳුළු සලමින් හැගීම්බර ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ගිනි අවි මිලදී ගන්නා පුද්ගලයන්ගේ පසුබිම පරීක්ෂා කිරීමට සූදානම් බවයි.

අවි පාලනය කිරීමේ නව නීතිවලට කොංග්‍රස් මණ්ඩලය මෙන්ම සිවිල් සංවිධාන ද ඊට විරුද්ධත්වය දැක්වුව ද ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි ජනාධිපති ඔබාමා පෙන්වා දී ඇත්තේ.

සෑම ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් 80කටම ගිනි අවියක් පවතින බවයි සංඛ්‍යා ලේඛන දත්ත මගින් හෙළි වී ඇත්තේ. කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකාවේ ගිනි අවි අලෙවිය ද ඉහළ ගොස් තිබෙනවා.