ලක්ෂ 5 ක ලොතරැයියක් කොල්ල කාලා

Wednesday, 06 January 2016 - 9:48

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+5+%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F
අනුරාධපුර - මාකට් ප්‍රදේශයේදී පසුගිය 2 වන දා පුද්ගලයෙකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 5ක දිණුමක් හිමි ලොතරැයිපතක් සහ රුපියල් 350ක මුදලක්   කොල්ලකෑ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී කොල්ල කන ලද මුදල සහ ලොතරැයි දිනුම්පත ද සොයාගෙන තිබෙනවා.