බඹර විසට අයෙකු මරුට - දෙදෙනෙකු රෝහලේ

Wednesday, 06 January 2016 - 9:55

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
නානුඔය සහ නෝර්වුඞ් හිදී එල්ල වූ බඹර ප්‍රහාර දෙකකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

නානුඔය - උඩරදැල්ල කැළෑබද ප්‍රදේශයේ දර කැඞීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු බඹර ප්‍රහාරයට ලක්වූයේ ඊයේ දිනයේදියි.

මොවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ වයස අවුරුදු 70ක්.

එමෙන්ම නොර්වුඞ් - බිලික්බෝනි ප්‍රදේශයේදී වයස අවුරුදු 49ක පුද්ගලයෙකු බඹර ප්‍රහාරයට ලක්ව දික්ඔය රෝහලට ඇතුළත් කළා.