විල්පත්තුවේ දැව කැපූ හමුදා සෙබලූන්ට ඇප

Wednesday, 06 January 2016 - 10:08

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මන්නාරම - විල්පත්තු රක්ෂිතයෙන් අනවසරයෙන් කැපූ දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි යුධ හමුදා සෙබලූන් 15 දෙනෙකු සිලාවතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ශරීර ඇප මත මුදා හැර ඇති අතර යුධ හමුදා ට්‍රක් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

විල්පත්තු රක්ෂිතයේ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.