ගැබිණිය යටකල ලොරි රියදුරුට පහරදුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 06 January 2016 - 10:50

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොත්මලේ - රම්බොඩ - වෙදමුල්ල ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවක් අනතුරට පත්ව මියයාමෙන් පසු අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරුට පහරදී ලොරියට අලාභ හානි සිදුකළ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොත්මලේ ප්‍රදේශයේදීයි.

මීට පෙර ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කොත්මලේ පොලිසිය ප්‍රකාශ කළේ.