හිරුණිකා සහ මව ඉඩමක් සහ ගොඩනැගිල්ලක් බලෙන් අත්පත් කරගෙනලු : නඩුව විභාග කරයි

Wednesday, 06 January 2016 - 11:52

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F++%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%80++%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%94+%3A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් ඉඩම සහ ගොඩනැගිල්ල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට පැමිණිලි කරමින් ගොනුකළ නඩුවක් විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය අද (06) තීරණය කළා.

ඒ අනුව, මෙම නඩුව ලබන මාර්තු මස 29 වනදා විභාගයට ගැනීමටයි කොළඹ අතිරේක දිසා විනිසුරු ඉනෝකා රණසිංහ අද නියෝග කළේ.

රොහාන් වික්‍රම සහ රුවන් විජේසේකර යන පුද්ගලයින් දෙදෙනා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

තමන්ට අයත් ඉඩමේ සහ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය කාර්යාලයක් පවත්වාගෙන යන බවටයි ඔවුන් පැමිණිල්ල මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර, දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා අද යළි කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔවුන් අනිවාර්යයෙන්ම අද හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය මීට පෙර නියෝග කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශය පෙරේදා වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ දෙමටගොඩදී තරුණයෙකු  පැහැරගෙන යනු ලැබූ අංක 62 - 1859 දරණ ඩිෆෙන්ඩර් රථය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමට ලියාපදිංචි වී ඇති බවයි.

මතුවූ තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බවද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

 කෙසේ වෙතත්, දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.