වැඩිපුරම හිරගෙට යන්නේ මේකටයි

Wednesday, 06 January 2016 - 12:22

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
පුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාර ගතව ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ  මහතා ඒ බව තහවුරු කලා.

වසරේ මේවන විට රැඳවියන් 16435 දෙනෙකු බන්ධනාගාර ගතව පසුවනවා.

දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන් දනසිංහ මහතා පැවසුවේ  ඒ අතර දඩුවම් ලැබුවන් 6844 දෙනෙකු සිටින බවයි.

රිමාන්ඩ් භාරයේ පසුවන රැඳවියන් සංඛ්‍යාව 469ක්.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ කාන්තා රැඳවියන් 797 දෙනෙකුද බන්ධනාගාර ගතව පසුවන බවයි.

මරණ දඩුවම නියමව සිටින සමස්ථ රැඳවියන් සංඛ්‍යාව  999ක්.

දඩුවම් කාලසීමාව යහපත් ආකාරයෙන් ගෙවනරැඳවියන් සදහා ලබා දෙන නිවාස නිවාඩු වැඩි කිරීම සම්බන්ධයෙන්ද මේ වසරේදී අවධානය යොමුව තිබෙනවා.

ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින රැඳවියන් බලපත්‍ර මත මුදා හැරීම හෝ යම් සහනයක් ලබා දීමටද දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කලා.