වරාය අධිකාරියේ මාධ්‍ය කාර්යාලයට සීල් තබයි - "අර්ජුනට වරායේ ක්‍රිකට් ගහන්ට දෙන්ට බෑ "

Wednesday, 06 January 2016 - 12:35

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7++%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+%22%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91+%22

වරාය අධිකාරියේ මාධ්‍ය කාර්යාලයට  සීල් තබා   ඇති බව  පොදු සේවක සංගමය පවසයි.  අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින්  සීල් තබා ඇත.  ඒ අනුව  ඊයේ පස්වරුවේ සිට මාධ්‍ය කාර්යාලයේ කටයුතු  නැවතී තිබේ. වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ පවසන්නේ මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පවසා මාධ්‍ය කාර්යාලයට සීල්  තබා ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන්නේ ඊට  හේතුව වෙනත් කාරණයක් බවයි.

ජනසතුසේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා  ලෙස කටයුතු කරන මාධ්‍ය ඒකකයේ ප්‍රධානියාට අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන්  බලපෑමක්  එල්ල වී ඇති බවට සැකයක්‌  පවතින  බව චන්ද්‍රසිරි මහගමගේ සඳහන් කළා.   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී ඇති වූ සිද්ධියක්   ඊට හේතුවී ඇති බවටද පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ කියා සිටී.

සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ විස්තර විචාරක හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව බොහෝ කාලයක් නියෝජනය කළ නලින් අපොන්සුය. ඔහු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වෙයි. ජනසතු සේවා ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණේ සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාලට ඡන්දය ප්‍රකාශ කිරීමටයි.

ක්‍රිකට් සම්බන්ධ ආරවුල් වරාය අධිකාරියෙන්  පිටතදී  විසඳා ගත යුතු බවයි  චන්ද්‍රසිරි මහගමගේ - අර්ජුන රණතුංග අමාත්‍යවරයාට දන්වා සිටින්නේ.

වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ කාර්යාලය සීල් තැබීමට  එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නොදෙන  බවත්  පොදු සේවක සංගමය අවධාරණය කරයි.

වරායේ මෙහෙයුම් ධාරිතාව ශීඝ්‍ර ලෙස පහත  වැටී ඇති  අවස්ථාවක ඊට පිළියම් නොගෙන ක්‍රිකට් ප්‍රශ්නයක් ඉදිරියට දමා කටයුතු කිරීමට සංගමය විරුද්ධ බවද චන්ද්‍රසිරි මහගමගේ පවසයි.