පාකිස්ථාන අගමැති දළඳා සමිඳුන් වඳී

Wednesday, 06 January 2016 - 13:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B3%E0%B7%93
තුන්දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් අද (06) මහනුවරට ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස අනතුරුව දළඳා මාලිගා පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක්වුණා.

මහනුවර - මීර මක්කම් පල්ලියේ පැවති විශේෂ ආගමික වැඩසටහනකට ඔහු එක්වුනේ ඉන් අනතුරුවයි.