විල්පත්තුවේ ගෝනුන් මරා මස් කරන ජාවාරම වැටලු හැටි (ඡායාරූප)

Wednesday, 06 January 2016 - 16:23

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විල්පත්තුවේ ගෝනුන් මරා මස් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.

ගෝනුන් මරා මස්කර උද්‍යානය තුලදීම ගිනි මැල සකසා වියළා අලෙවි කරන බවටයි අනාවරණ වී ඇත්තේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් විලච්චිය කජුවත්ත කුට්ටියන්කුලම ප්‍රදේශයේ ගෝනුන් දඩයම් කර මස් වේලමින් සිටි සැකකරුවන් අතරින් එක් අයෙකු හා මස් කිලෝ 110 ක් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇතැයි සඳහන්.

වෙඩි තබා මරණ ලද ගෝනුන් දෙදෙනෙකුගේ මස් කිලෝ 110 ක් පමණ උද්‍යානය තුලදීම මැසි සකසා ගින්දර යොදා ගනිමින් වේලමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වැටලීම සිදුකරන අවස්ථාවේ පළාගොස් තිබෙනවා.

මෙම පුද්ගලයන් වන සතුන් දඩයමට සුනඛයන් කිහිප දෙනෙකු යොදාගෙන තිබු අතර වැටලීම සිදුකරන අවස්ථාවේ සුනඛයන්ට නිලධාරීන්ගේ ඉව වැටීමත් සමග බිරීම හේතුවෙන් සැකකරුවන් පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා පළාගිය පුද්ගලයන් දඩයක්කරුවන් බවට අනාවරණ වී ඇති අතර ගෝන මස් කිලෝ 10 ට අමතරව මරණ ලද තලගොයෙකු හා ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.











ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර