ඉන්දීය ධීවරයින් අටදෙනාට නිදහස

Wednesday, 06 January 2016 - 17:18

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
තම ධීවර යාත්‍රාවකට පහරදුන් බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත භාරදුන් ඉන්දීය ධීවරයින් අටදෙනා මුලතිව් අධිකරණය විසින් මුදාහැර තිබෙනවා.

ඒ, ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් එස්. සමුසුදීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම ඉන්දීය ධීවරයින් යාත්‍රාවට පහරදුන් බවට සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම ධීවරයින් නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඒ අනුව එම ඉන්දීය ධීවරයින් නාවික හමුදාව වෙත භාරදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුලතිව් පොලීසිය සඳහන් කළා.