නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනපති පහදයි

Thursday, 07 January 2016 - 7:52

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අප කල්පනා කළ යුත්තේ එක් එක් පුද්ගලයින්ගේ අනාගතය පිළිබඳ නොව මාතෘභූමියේ අනාගතය පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ ජනාධීපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කිසිසේත් රහසිගතව සිදුකරන කටයුත්තක් නොවන බවයි.