චමල්, ජනක බණ්ඩාර, පවිත්‍රා, ගජධීර සහ ගීතා ... යහපාලනයේ පත්වීම් අරගයි

Thursday, 07 January 2016 - 8:03

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%2C+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B0%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+...+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
දිස්ත්‍රික්ක සියල්ල සඳහා  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. ඔවුන් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපි ලබාගත්තා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 54 දෙනෙකු මෙලෙස පත් කර ඇති අතර, පසුගිය කාලය තුළ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඊට ඇතුළත්වීම විශේෂත්වයක්. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සම සභාපතිවරයෙකු ලෙස පත් කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන සහ ගීතා කුමාරසිංහද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයාද මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබුවා.