මෙරට අයි එස් සබඳතා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය සීරුවෙන්

Thursday, 07 January 2016 - 8:10

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
අයි එස් ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා පිළිබඳව පූර්ණ අවධානයකින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන බවයි.

මෑතකදී පළවූ ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා හෙළිදරව්වූයේ අයි එස් ත්‍රස්තවාදීන් මෙරට ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත්වා ඇති බවටයි.

ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලම්දන් නමැති ශ්‍රී ලාංකිකයෙකු සිරියාවේ සටන්වලින් මියගිය ප්‍රථම ශ්‍රී ලාංකික අයි එස් සාමාජිකයා ලෙස එම සංවිධානය ප්‍රකාශ කර තිබුණා.

අයි එස් සංවිධානය ඔහු හඳුන්වා ඇත්තේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි. මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයිි එස් සංවිධානයට එක්වූ බවටද පසුව තොරතුරු හෙළි කළේද එම සංවිධානය විසින්.

අයි එස් ප්‍රචාරක සගරාවක් සදහන් කළේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු තම සංවිධානයට සම්බන්ධ වී ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ - පූනේ නගරයේ 16 හැවිරිදි දැරියක් ශ්‍රී ලංකාවේ සිටින අයි එස්  නියෝජිතයෙකු හරහා එම සංවිධානය සමග සබඳතා ඇති කරගත් බව හෙළි වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණ කළා.

එමෙන්ම, ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල සහ පිලිපීනය, සෞදි අරාබිය, ඩුබායි මෙන්ම ශ්‍රී ලංකාවේ ද සිටින අයි එස් හිතවාදීන් සමග ඇය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ  වෙතත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවයි. ලැබෙන තොරතුරු නිසි පරිදි විශ්ලේෂනය කරමින් පරීක්ෂණ සිදුකරන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.