ඇඹිලිපිටියේ සාදයකදී පොලීසිය හා ගැටී උඩුමහලකින් බිමට වැටුණු පුද්ගලයා මියයයි

Thursday, 07 January 2016 - 9:08

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටිය නගරයේ මහඇල  ප්‍රදේශයේ පොලීසිය සහ පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07)  අලූයම ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ගැටුම ඇතිවූ අවස්ථාවේදී  මෙම පුද්ගලයා  දෙවන මහලේ  සිට ඇදවැටීම හේතුවෙනුයි ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර මූලික රෝහලට මාරුකර යැවුණේ.

පසුගිය හතරවනදා රාත්‍රියේ පොලීසිය සහ එම පිරිස ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් හත්දෙනෙකු රෝහල් ගතකළා. ඊට ඇඹිලිපිටිය මූලාස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලූ පොලිස් නිලධාරීන් හතරදෙනෙකුද අයත්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැමිණ  මත්පැන් ඉල්ලූ  බවත්, 'A.S.P. මහත්තයා' පපුවට පිස්තොලේ තබා තර්ජනය කළ  බවත්, පැමිණ සිටි ඇතැම් නිලධාරීන් බීමත්ව සිටි බවත්, සාදය කඩාකප්පල් කළ  බවත්  නිවැසියන් සඳහන් කළා.

එහි වීඩියෝව  පහතින්...