උතුරු කොරියාවේ න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන් හෙළා දකී

Thursday, 07 January 2016 - 8:57

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
උතුරු  කොරියාව විසින් ඊයේ සිදුකළ න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් හෙළා දැක තිබෙනවා.

ජගත් ආරක්ෂක මණ්ඩලය කියා සිටියේ එය පැහැදිළි වශයෙන්ම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි.

උතුරු කොරියාව ඊයේ සිදුකළේ 2006 වසරෙන් පසු හතරවන න්‍යෂ්ටික පිපිරවීමයි.

එය හයිඩ‍්‍රජන් බෝම්බ පිපිරවීමක් ලෙසයි උතුරු කොරියාව හැඳින්වූයේ.

කෙසේ නමුත් පරමාණු සංඝට්ටනයෙන් ශක්තිය මුදාහරින හයිඩ‍්‍රජන් බෝම්බ තාක්ෂණය උතුරු කොරියාව සැබෑ ලෙස අත්කරගත්තේද යන්න පිළිබඳව චීනය දකුණු කොරියාව ඇතුලූ රටවල් රැසක් සැක පළ කළා.

කෙසේ නමුත් නව න්‍යෂ්ටික පිපිරවීමත් සමඟ උතුරු කොරියාව වෙත ක්‍රියාත්මක වන ජගත් සම්බාධක තවදුරටත් දැඩි කෙරෙනු ඇති