දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු රෝහල් ගතකෙරේ

Thursday, 07 January 2016 - 9:25

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන ප්‍රදේශයේ 90.9 කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාතර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.