තාජුඩීන්ගේ 'ඝාතනයේ' CCTV දර්ශන පිටරට යැවීමට අවසර

Thursday, 07 January 2016 - 11:08

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%27%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%27++CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ CCTV  දර්ශන විදේශීය විශේෂඥයින් වෙත යොමු කිරීමට කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (07) අවසර ලබාදුන්නා. ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේ මෙලෙස විශේෂඥ සහය ලබාගන්නා විදේශීය ආයතනය සම්බන්ධයෙන් සතියක් ඇතුළත අධිකරණය දැනුවත් කරන ලෙසයි. මෙම මරණය පිළිබඳ නියෝගයක් නිකුත් කිරීම අනෙකුත් වාර්තා ලැබීමෙන් පසු සිදුුකරන බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ප්‍රකාශ කළා.