ඇඹිලිපිටිය නොසන්සුන් - කළු කොඩිත් එසවෙයි - (ඡායාරූප)

Thursday, 07 January 2016 - 12:43

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොලීසියට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩසාප්පු වසා දමා ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවයේ නිරතවනවා.

නගරයේ ඇතැම් ස්ථානවල පොලීසියට එරෙහිව කළු කොඩිද ඔසවා ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ  ඇඹිලිපිටිය - මහඇල  ප්‍රදේශයේ නිවසක පැවති උත්සවයකදී  පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව රෝහල් ගතකර සිටි තරුණයෙකු අද උදැසන මියයෑමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ජනතාව මෙලෙස විරෝධතාවට එක්ව සිටින බවයි.

පොලීසියට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නව නගරයේ සිට පා ගමනින් ප්‍රදේශවාසීන් ඇඹිලිපිටිය නගරයේ ඔරලෝසු කණුව  දක්වා පා ගමනින් පැමිණ උද්ඝෝෂණයේ නිරතවන බව සඳහන්.