රෝහිතට අල්ලස් කොමිසමෙන් නඩු

Thursday, 07 January 2016 - 15:37

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
රුපියල් ලක්ෂ 412 කට අධික මුදලක් අල්ලස් මගින් උපයා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම අද නඩු පවරනු ලැබුවා. කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අද අධිචෝදනා ගොනුකළ බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. 2004 වසරේ සිට 2006 වර්ෂය දක්වා මෙම මුදල අල්ලස් වශයෙන් උපයාගෙන ඇති බවටයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.