සොහොනක තනිවු දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි (ඡායාරූප)

Thursday, 07 January 2016 - 15:42

%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිනිදුම වීරපාන නැගෙනහිර ප්‍රදේශයේදී සොහොනක තිබී හමුවු දරුවාගේ මරණයට හේතුව අක්මාව පුපුරා යාමෙන් සිදුවු අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව තිබුනේ අවුරුදු දෙක හමාරක කුඩා පිරිමි දරුවෙක්.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් පැවැත්වුනේ කරාපිටිය ශික්ෂණ රෝහලේදීයි.

දරුවාගේ උදරයට එල්ලවු දැඩි පහරක් හේතුවෙන් අක්මාව පුපුරාගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය ප්‍රකාශකර තිබෙනවා.

ඒ හේතුවෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති අතර දරුවාගේ මුහුණේ තුවාල කිහිපයක් ද ඇති බව සඳහන්.

මෙම ඝාතනයට සැකපිට දරුවාගේ පියා හිනිදුම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කරමින් ප්‍රකාශකර ඇත්තේ දරුවාගේ උදරයට පා පහර දුන් බවයි.

හිනිදුම පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.































ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්