මෛත්‍රිී පාලනයක් - ස්ථාවර රටක්. - වර්ෂ පූර්ණ ජාතික උත්සවය අද

Friday, 08 January 2016 - 8:00

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
යහපාලනය මෙරට ස්ථාපිත කිරීම පෙරදැරි කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පදවි ප්‍රාප්තියේ ප්‍රථම වසර අද (08) සැමරෙනවා.

ඒ නිමිත්තෙන් ‘‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැහැදිලි ජයග්‍රහණයක් අත්කර ගත්තේ මෙරට සියලූ ජනකොටස්වල සහයෙන්.

ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා විවිධ සමරු උත්සව, පිංකම් සහ ශ්‍රමදාන සංවිධාන කර තිබෙනවා.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, හෙට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.