පොලිසිය සමඟ ගැටුමෙන් මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණ අද

Friday, 08 January 2016 - 8:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%AF
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකෙරෙනවා. රත්නපුර මූලික රෝහලේදී අදාළ මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මේ අතර, ඇඹිලිපිටිය නගරයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා පොලිිසිය සහ විශේෂ කාර්ය බලකායේ සෙබලූන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවමින් ප්‍රදේශවාසීන් ඊයේ  විරෝධතාවයකද නිරත වුණා. එහිදී ඇතැම් පිරිස් ප්‍රචන්ඩකාරි ලෙස හැසිරුණ අයුරු දක්නට ලැබුණා.

මේ අතරඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරු ලබාදීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඒ, මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සහ එහි පිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසුව තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හේතුවෙන්.