සිංහලේ ගැන කතා බහ කරළියට

Friday, 08 January 2016 - 8:16

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සිංහලේ යන වැකිය සඳහන් ලාංඡනයක් පිළිබඳව මේ දිනවල සමාජජාල වෙබ් අඩවිවල සහ මහජනතාව අතර බහුල වශයෙන් කතාබහට ලක් වනවා. මේ සම්බන්ධයෙන් ඊයේ (07) පැවති මාධ්‍ය හමු කිහිපයකදීද විවිධ අදහස් පළ වුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කළේ ජාතීන් අතර සමගිය බිඳ දැමීම සඳහා ඇතැම් පිරිස් මෙවැනි සංවිධාන හරහා කටයුතු කරන බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය තිස්ස විතාරණ සඳහන් කළේ මෙවැනි ක්‍රියා රටේ අනාගතයට තර්ජනයක් බවයි.

සමාජයේ මතුව ඇති මෙම නව මතවාදය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කළා. එහිදී ඔහු සඳහන් කළේ අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු ලේකම්වරයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් සිංහලේ ජාතික බලමුළුව සඳහන් කළේ මෙය අවිහිංසාවාදී ව්‍යාපාරයක් බවයි.