117 වන බණ්ඩාරනායක ජන්ම සංවත්සරය අද

Friday, 08 January 2016 - 8:47

117+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායකගේ 117 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් අද පෙරවරු 9 ට ගාලූමුවදොර - බණ්ඩාරනායක පිළිරුව අසලදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ අතර, ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් සංවිධානය කරන රුක්රෝපණ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙන් විශේෂ බෝධි පූජා වැඩසටහනක් ද අද පස්වරුවේ හුණුපිටිය - ගංඟාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.