ගෝඨා අදත් කොමිසමට

Friday, 08 January 2016 - 9:12

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදත් බරපතල වංචා විමර්ශන කෙරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළවයි. ඊයේ දිනයේදී මෙන්ම, මීට පෙර අවස්ථා කිහිපයකදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටියා. ඊට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 5 දෙනෙකුගෙන් සාක්ෂි විමසූ අතර අද දිනයේත් සාක්ෂි විමසීමේ කටයුතු සිදුකරන බවයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.