සාදය සෙබළාට මරු කැඳවයි

Friday, 08 January 2016 - 9:55

%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය - පිටිගල මත්තක ප්‍ර‍දේශයේදී ඊයේ පස්වරු 6.30 පමන පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

එකම පවුලේ ඥාතින් 3 දෙනෙකු ඊයේ සවස සාදයකට ගොස් පැමිනෙන අතරතුර ඔවුන් අතරම ඇතිවු ආරවුලක් හේතුවෙන් ඔවුන්ගෙන් එක් අයකු ලග සිටි සහෝදරයාට පිහියකින් ඇන තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙන අතර අනිත් දෙදෙනාද සුලු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දෙදෙනා මෙීවනවිට ඇල්පිටිය රෝහලේ ප්‍ර‍තිකාර ලබයි.

ම‍ෙසේ මිය ගොස් ඇත්තේ කිබුලාවලවත්ත පිටිගල පදිංචි ලොකුහේවගේ මනෝඡ් නෙරන්ඡන් නමි වු 36 හැවිරිදි විවාහක යුද හමුදාවේ සෙබලෙකි.

සැකකරුවන් දෙදෙනා තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන පිටිගල පොලීසිය සිදුකරනවා.