හෙරොයින් තබාගත් පුද්ගලයින් කොළොම්පුරේදී මාට්ටු

Friday, 08 January 2016 - 10:02

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
කොළඹ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
රත්මලාන දුම්රියපොල අසලදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 525 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර රත්මලාන - ගොළුමඩම මංසන්ධියේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මීට අමතරව මාලිගාවත්ත - කෙත්තාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 321 යි මිලිග්‍රෑම් 90 ක් ළග තබා සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.