ශ්‍රී ලංකාවෙන් කොරියාවට ඩෙංගු

Friday, 08 January 2016 - 12:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවු කොරියානු ජාතිකයන් 6 දෙනෙකු ඩෙංගු රෝගය වැළඳී ඇතැයි දකුණු කොරියා සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබෙනවා.

පසුගිය මාසයේ ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවී ඇති අතර ඒ ස්වේච්ඡා වැඩසටහනක් සඳහායි.

යළිත් කොරියාවට යාමෙන් පසු ඇතිවු රෝගී තත්වයන් මත සිදුකල පරීක්ෂණයකදීයි 6 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට හෙළිවී ඇත්තේ.

පසුගිය මාසයේ මෙරට සංචාරයේ නිරතවු කොරියානු ජාතිකයන් 35 දෙනෙකු අතරින් 6 දෙනෙකුට මෙලෙ රෝගය වැළඳී ඇතැයි සඳහන්.

තවත් දෙදෙනෙකු පරීක්ෂණවල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර බොහෝ දුරට ඔවුන් දෙදෙනාට ද ඩෙංගු වැළඳී ඇති බවටයි කොරියා සෞඛ්‍ය අංශ සැක පළකරන්නේ.

කොරියානු ජාතිකයන් කණ්ඩායමකට එක වර ඩෙංගු රෝගය වැළඳුනු පළමු අවස්ථාව ලෙසට මෙය සැලකෙනවා.

ඩෙංගු ආසාධනය වු මෙම පිරිසගේ තත්වය  බරපතල නොවන බව ද සඳහන්.

හිස රුදාව සහ උණ යන රෝග ලක්ෂණවලින් පෙලුනු මෙම පිරිස ක්‍රමයෙන් සුව අතට පත්වෙමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකර ඇත්තේ.