කටුනායක බස් ගමන් නවතී

Friday, 08 January 2016 - 12:54

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
කටුනායකින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පෞද්ගලික බස් රථ සේවකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව 187 කොළඹ – කටුනායක / 240 මීගමුව – කටුනායක / 270 ගම්පහ – කටුනායක / සහ 245 වේයන්ගොඩ – කටුනායක ඇතුලු බස් රථ රැසක් වර්ජනයට එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවයට යන තරුණියකට අද පෙරවරුවේ පෞද්ගලික බස් රථ සේවකයකු හිරිහැර කර ඇතැයි සඳහන්.

ඇය ඒ සම්බන්ධයෙන් සිය සැමියා දැනුවත් කිරීමෙන් පසු දෙපාර්ශවය අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ තරුණිය සහ ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවයි බස් සේවකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් බස් සේවකයන් වර්ජනය ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කලා.